NeoBux i/BuxVertise/ Clixsence වලින් සල්ලි හොයමු
Neobux දැනට ලෝකෙ තියෙන PTC (Paid To Click) Add view කිරීම මගින් මුදල් ඉපයීම් කලහැකි හොඳම ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක වේ. ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන් ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් Neobux user කෙනෙක් නෙමෙයිනම් පහතේ බැනරය මිත් ක්ලික් කර නුෝමිෙල් ලියාපදිංචිි විය හැක.
නිවැරදිව දැන්වීම් නරඹන ආකාරය
ඔබට දිනකට දැන්වීම් 15 ක් පමන නැරඹීමට ඇත. දැන්වීම මත ක්ලික් කරන්න. එවිට මතුවන රතුපාට බොත්තම මත ක්ලික් කලවිට දැන්වීම වෙනම පිටුවක ඕපන් වෙනු ඇත. යම් කාලයකට පසු දැන්වීම නිවැරදීව නැරඹූ බවට පනිවුඩයක් තිරයේ වම්පස දර්ශනය වනුඇත.
(සැයු: සමහර සයිට් වල verify කිරිමක්ද සිදුකිරිමට ඇත. මෙයට හේතුව එම වෙබ් අඩවි මගින් මෙම දැන්වීම් නැරඹීම මිනිසෙකු විසින් සිදුකරන බවට සහතික කිරීමට වේ)
Terms and Conditions
1. ඔබට Click කිරිමක් අවශ්‍ය වේ. එනම් ටැබ්ලට් හො ස්මාට් දුරකථන ඔස්සේ මෙය සිදුකල නොහැක.
2. එක පරිගනකයක එක් වෙබ් අඩවියක් සඳහා ලියාපදිංචි විය හැක්කේ එක් අයෙකුට පමණි. වෙබ් අඩවි කිහිපයක එක් අයෙකුට එකම පරිගණකයකින් ලියාපදිංචි විය හැක.
(එය ඔබගේ පරිගනකයේ අන්තර් ජාල සම්බන්ධතාව මගින් තහවුරු වන නිසා එසේ කිරීමෙන් වලකිනන.
මුදල් ලැබෙන ආකාරය
දිනකට ඔබට ලැබෙන්නෙ සුළු වෙලද දැන්වීම් ප්‍රමානයකි. එසේ නම් මා විසින් ඉහත සඳහන් කරන ලද මුදල් දක්වා ගමන් කරන්නේ කේසේද. මෙම වෙබ් අඩවි මගින් ඔබට අමතරව ඔබට වැඩ කිරිමට කුලියට පුද්ගලයන් ලබා දේ. එය වර්ග 02 කට බෙදිය හැක.
1. Direct Referrals - ඔබ විසින් , ඔබගේ ලින්ක් එක භාවිතා කර ලියාපදිංචි වන පුද්ගලයන්.
2. Rented Referrals - වෙබ් අඩවිය මගින් ලබා දෙන පුද්ගලයන් (ඉහත ආකාරයට නොව, කෙලින්ම වෙබ් අඩවියේ ලියාපදිංචි වන පුද්ගලයන් වැඩසටහන මගින් වෙනත් අයට ලබා දීම). එබැවින් ඔබ කිසින් අවස්තාවක කෙලින්ම ලියාපදිංචි නොවන්න. එවිට ඔබ Admin ගේ Referral කෙනෙක් වී එම ආදායමට ලංකාවට නොලැබ් කෙලින්ම ඇඩ්මින්ට බැර වේ)
උදාහරනයක් ලෙස, NeoBux වල ඔබට මිතුරන් එකතු කිරීමට මහන්සි වීමට අවශ්‍ය නොවේ. ඔබට මුල් දින 20 ක්පමන පසුවු පසු එකතුවන ආදායමෙන්ම කුලියට Rented Referrals ලබා ගත හැක. එවිට ක්‍රමානුකූලට මෙම සංකයාව වැඩි කරගත හැක.
මෙම ප්‍රමාණය 100, 200 හො 2000 දක්වා ගමන් කල හැක.
මුලද් ලංකාවට ලබා ගැනීමට ඔබට අන්තර්ජාල බැංකු ගිනුමක් අවශ්‍ය වේ.
Paypal, Payza මේවා අතරින් කිහිපයකි. ඔබ මෙම වෙබ් බැංකු 02 හිම ගිනුම් 02 ක් සාදන්න.
ඉන් පසු, ඔබ ලංකාවේ බැංකු ගිණුම (HNB නම් වඩාත් පහසු වේ) මෙම අන්තර් ජාල ගිණුම් වලට ඇතුලත් කල යුතුය.
පසුව ඔබ ඉහත වෙබ් අඩවි වල උපයන මුදල් මුලින්ම අන්තර් ජාල බැංකු ගිනුමට බැර වේ. පසුව එම මුදල් ලංකාවේ බැංකුවට ක්‍රම කිහිපයක් ඔස්සේ ලබා ගත හැක.
ඔබට Credit Card එකක් ඇත්නම් මුදල් ගෙවිම (ඉක්මනින් Referrals ලබා ගැනිමට සහ Account upgrade කිරීම් සඳහා) සහ ඔබගේ මුදල් එම කාඩ් එකටම ලබා ගත හැක.
ඔබට Credit Card එකක් නොමැති නම් සහ Credit Card විස්තර ලබා දීමට බියක් දක්වන්නේ නම් Sampath Web Card එකක් භාවිතා කල හැක.
වැදගත් : Paypal මගින් ලංකාවේ පුදුගලයන්ට තවම සිදුකල හැක්කේ ගෙවිම පමනි. එබැවින් ඔබගේ Paypal ගිනුම ගෙවීම සඳහා පමනක් භාවිතා කල යුතුය. ( නමුත් මෙය ලංකාවේ සිට වෙනත් ක්‍රම මගින් සිදුකලහැක උදා: වෙනත් රටක මෙන් අකවුන්ට් එක සෑදිම ආදිය)
Skrill සහ Payza මගින් මුදල් ලංකාවට බැංකු ගිනුම් වලට සහ Credit Card වලට ලබා ගත හැක.
පහත Neobux පිලිබඳ දීර්ග විස්තරයක් සිදුකර ඇති. එය මුල සිටම කියවා හොඳ අවබෝධයක් ලබා ගන්න.
මෙම පිටුවේ සහ මුල් පිටුවේ තිබෙන බැනරයන් ඔස්සේ ලියාපදිංචි වන්න.
ඔබගේ ඕනෑම ගැටළුවක් ptcbux2014@gmail.com යන ලිපිනයට යොමුකරන්න.
වැදගත් : PTC ඇඩ් බැලීම අන්තර්ජාලයේ හිඟා කෑමක් යන මතය අප සමාජයේ පවති. මෙම සම්පූර්ණයෙන්ම දුර්මතයක් බව මාස 02 ක් පමන ගතවනවිට ප්‍රත්‍යක්ෂ වනු ඇත.
NeoBux
මෙය දැනට මුදල් ගෙවන ප්‍රසිද්දම වෙබ් සයිට් එකක් වේ. මෙම වෙබ් සයිට් අතරින් මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන. ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම. ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.
මෙහිද් විස්තර කරනුලබන සියළුම විස්තර ඔබට එක් දිනකින් අවබොධ නොවේ. එබැවින් මුලින් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී මාසයක් පමන ඇඩිවර්ටීස්මන්ට් බැලීම සිදු කරන්න.
කොහොමද මේකෙන් මුදල් හොයන්නෙ?
මම මුලින්ම මේක ගැනදැන ගන්නකොට මම හිතුවෙ මෙකෙන්නම් කවදාවත් ගොඩයන්න වෙන්නෙ නෑ කියල. මොකද මුලින්ම අපේ එක click එකකට සතේ සතේ හොයල කාටද ගොඩ යන්න පුළුවන්.
එකට හේතුව තමයි මට ඒ ගැන හරි හැටි දැනුමක් නොතිබීම.නමුත් පස්සේ මම දැනගත්ත මේකෙන් නිවැරදිව referrals කුලියට අරන් මේක Ad click කරන site එකක් විදියට නැතුව
ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද කියල.
එහෙනම් පටන් ගමු..
අපිට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම
1. ඔයාල click කරන Ad වලින්, තව mini-jobs වගේ දේවල්.
2. Rented Referrals ලගෙන් ලැබෙන මුදල්.
3. Direct Referrals ලගෙන් ලැබෙන මුදල්.
කොච්චර විතර අපිට හොයන්න පුලුවන්ද?
ඔයාලට පොඩි කාලයක් වැය මේක හරියට කරන් ගියොත් මාසෙකට රු.25000 / 50000 / 100000 කට වැඩියෙන් හොයන්න පුළුවන්. ඕන්නම් ඊටත් වැඩිය.දවසක විනාඩි 20කටත් අඩුවෙන්.හැබැයි මේක දවසෙන් දෙකෙන් වෙන්නේ නෑ.ටික කාලයක් යනවා.
මාස 3-12 දක්වා කාලයක්.හැබැයි ඔයාලට මුදල් ටිකක් ආයෝජනය කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්
මුල් සති 2
මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.6ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට ටව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
ඔයාල කට්ටිය ගත්ත ගමන් AutoPay Eneble කරන්න.එක වාසියි.එකෙන් අපි ගත්ත Referrals ල එදාට නියමිත Ad click කෙරුවොත් සුලු මුදලක් ගෙවල එයාලව තව දවසකට තියා ගන්නවා.Referrals එදාට click කෙරුවේ නැත්නම් එදාට ගෙවන්නේ නෑ.
ඒ වගේම කියන්න ඕන සමහර දවස් වල කට්ටිය Ad click කරන්නේ නැති වෙන්නත් පුලුවන්.එතකොට ගණන් ටිකක් වෙනස් වෙනවා.හැබැයි මේක ගොඩක් බලපාන්නේ කට්ටිය වැඩිවෙන්ඩ වෙන්ඩ..